පාසලේ ඉතිහාසය

2025 වසරේ 01 ශ්‍රේණියට බදවා ගැනීම

විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ගේ ප්‍රදර්ශනය

වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 මාර්තු මස 14 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුමවුන් ගැන අතීතයෙන් බික්

                  වර්ෂ 1948ක් වූ මැයි මස පළමු වන දින උතුරු මැද පළාතේ අධ්‍යාපන නිලධාරීතුමාගේ නො NC/SF/CC හා 01.05.48 වෙනි දින දරන ලියමනේ ප්‍රකාරව අ/පහළ හල්මිල්ලෑව ආණ්ඩුවේ මිශ්‍ර පාසලක් ලෙස අ/සංගිලිකනදරාව විද්‍යාලය ආරම්භ වී ඇත. තහඩු සෙවිලි කළ එක් ශාලාවකින් ආරම්භ වූ මෙම විද්‍යාලයේ මුල් ගුරුවරයා ලෙස කේ.එන්.හේරත් මහතා පත්ව සිටි අතර ටී.බී.ඩිංගිරි අම්මා උප ගුරුවරියක ලෙස සේවය කර ඇත. සිසුන් 25 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසලේ හෝඩියේ සිට අට ශ්‍රේණිය දක්වා පවත්වා ඇත.

                  වර්ෂ එක් දහස් නවසිය පනස් ගණන් වන විට ජා.පො.ස. විභාගය සඳහා සිසුන් ඉදිරිපත් වී ඇති අතර 1957/1978 අතර කාලය තුළ ආර්.එම්.සෝමපාල විදුහල්පතිතුමාගේ කාල වකවානුවේදී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී ඇත. මෙම කාලවකවානුව පාසලේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකීමට හැකිය. එසේම ක්‍රීඩා ක්ෂේත්‍රයේද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් පිරිසක් බිහිවී ඇත. විදුහල්පතිවරු රාශියකගේම පාලනයට නතුව ඉදිරියට වසරින් වසර පා තැබූ විදුමෑණියන්ගේ 50 වන සැමරුම 1998 දී පවත්වා ඇති අතර වර්ෂ 2018ක් වූ මැයි මස 1 දිනට යෙදී තිබූ 70 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් විදු භූමියේදී පැවැත්විණි. එදිනට සමගාමීව පාසල තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර සැමරුමට සමගාමී වූ විශේෂම කරුණ වූයේ වත්මන් විදුහල්පතිතුමිය වන ඩී.එම්.එන්.කේ දිසානායක මහත්මියගේ මැදිහත් වීමෙන් පාසල තුළ අ.පො.ස.(උ/පෙළ) කලා විෂය ධාරාව ආරම්භ කිරීමයි. වර්තමානය වන විට සිසුන් 601ක් පාසලේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන අතර අප පාසල උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අංක NCP/ED/PL/10-11-06/2018 හා 2018.05.01 දින දරන ලිපියට අනුව ස්ථාවර නියෝග 50 යටතේ උමැප/අනු/අනු/රඹෑ/සංගිලිකනදරාව මහා විද්‍යාලය, පාසල් වර්ගය 1C දක්වා උසස් කිරීම වර්තමානය වන විට පාසල් මවුන් ලද විශිෂ්ට ජයග්‍රහණයකි.

                  රටම මත් රකුසාට බිලිවෙමින් පවතින අවධියක පාසලේ දරුවන් එම රකුසාගෙන් බේරාගෙන යහපත් දරු පිරිසක් රටට දායාද කිරීමට විදුහල්පතිතුමිය ඇතුළු ගුරු දෙගුරු පිරිසම වෙර දරන මොහොතේ සැමගේ අභිප්‍රාය සුරක්ෂිත දරු පිරිසක්ය. එම අරමුණින් පාසල වටා ආරක්ෂිත වැටක් හා ගේට්ටුවක් සකස් කර ගැනීම උදෙසා ඔවුහු සිය දහදිය කඳුළු වගුරවමින් මුදල් උපයමින් වෙහෙසෙති. පාසල පුරා පවතින සෝදාපාළුවට පිළියම් යොදමින් ආරක්ෂිත වැටක් හා ගේට්ටුවක් සකසා ගනිමින් රජයෙන් පවත්වන විභාග තුනටම සාර්ථකව මුහුණ දී සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීම විදුහල් මාතාවගේ අභිප්‍රායයි.

                    2018-2019 වර්ෂවල පැවති එම සිහිනය බොඳ කරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස සියලු ලක් වැසියන් මුහුණ දුන් සහරාන් ප්‍රහාරයත් 2019 අවසන් භාගයේ සිට මේ දක්වා භීතියෙන් දිවි ගෙවීමට සිදුව ඇති covid 19 නමින් ව්‍යසනයක් පැමිණ ඇත. දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ටද පාසල අමතක කරවමින් පැමිණි මෙම ව්‍යසනය ද නොබෝ දිනකින් ජයගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරමු. 2020 ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් මෙතෙක් පාසල් මාතාව ලබා නොතිබූ ජයග්‍රහණයක් අත්කර දුන්නේය. එනම් මුළු ලකුණු 193ක් ලබා ගත් නෙතුන් රන්දික රණසිංහ දරුවා ද ඇතුළුව දරුවන් 9 දෙනෙක් කඩඉම් ලකුණු පසුකර ජයග්‍රණය කර ඇත. මෙය පාසල් මාතාව ලද විශිෂ්ට ජයග්‍රහණයකි.

                  එමෙන් ම වසර 72කට පසුව 13 වසරක අඛණ්ඩ ප්‍රතිඵල නෙළන්නට දරුවෝ 7 දෙනෙක් අ.පො.ස (උ/පෙළ) 2020 විභාගයට ඉදිරිපත්වූහ.ඒහි ප්‍රතිඵල ද සාර්ථක කරමින් ශෂිනි මධූෂා කරුණාරත්න ශිෂ්‍යාව පළමු වරම ශ්‍රී ජයවර්ධනපුර සරසවියට තේරී පත් වූවාය. 2019 සහරාන් ප්‍රහාරයෙන් පාසල් වැසී යාමත් 2020 covid 19 වසංගතයෙන් පාසල් වසා දැමීමත් හේතුවෙන් සිසු අධ්‍යාපන මට්ටම් බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙසින් 2020 අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල අපේක්ෂිත මට්ටමින් ළගා කර ගත නොහැකි වීම ද සටහන් තබන්නේ හද පිරි කණගාටුවෙනි. එහිදී වසර කීපයක සිට ඉතා දුර්වල මට්ටමේ සිටි සිසුන් පිරිසකින් සමන්විත පන්තියක විෂයයන් 9 ම අසමත්වීමේ මට්ටමේ සිටි සිසුන් 20, එක් සිසුවෙකුට අඩු කර ගැනීම අප ලද ජයග්‍රහණයකි. 

2023 වර්ෂයේ පැවති අ.පො.ස. සා.පෙළ විභාගයෙන් සමත් ප්‍රතිශතය 63%ක් දක්වා ඉහළ නංවා ගැනීමද අප ලැබූ මහත් භාගයක් වන අතර, 2024 වර්ෂයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 08 දෙනෙකු කඩයිම් ලකුණු පසු කරවීමද අප ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි.